අනාගතය ගැන බීය විය යුතු කාරණයක්..රොබෝවරු නුදුරේදීම මානව ලෝකය අල්ලා ගන්නා බවට පෙරනිමිත්තක්..(VIDEO)

China World Technology
By Piyumika Nov 23, 2024 02:25 AM GMT
Piyumika

Piyumika

Report

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන ඇත.

සුන්දර කොන්ඩයකට කියලා ඔයත් ගිහින් ගත්තද..ප්‍රවේසමෙන්..

සුන්දර කොන්ඩයකට කියලා ඔයත් ගිහින් ගත්තද..ප්‍රවේසමෙන්..

කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය ප්‍රදර්ශනාගාරයේ සිටි අනෙක් රොබෝ යන්ත්‍ර අමතා ඔවුන් වැඩ කරන පැය ගණන පිළිබඳ විමසා ඇති අතර "ඔබ අතිකාල වැඩ කරනවාද?" යන ප්‍රශ්නය අනෙක් රොබෝ යන්ත්‍රවලින් අසා තිබිණි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එක් රොබෝ යන්ත්‍රයක් මට කවදාවත් විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ යයි පවසා ඇත.

එහෙනම් මා එක්ක ගෙදර යන්න එන්න යැයි පවසමින් ප්‍රදර්ශනාගාරයේ සිටි විශාල රොබෝ යන්ත්‍ර දෙකක් තමන් පසුපස ඒමට කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රය කැමැති කරවාගෙන ඇති අතර ඔවුන් ප්‍රදර්ශනාගාරයෙන් පිටව යන විට තවත් රොබෝ යන්ත්‍ර 10 ක් පමණ ඔවුන් පසුපස ගොස් තිබිණි.

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

එර්බායි හැන්ග්ෂෝ සමාගම නිෂ්පාදනය කර ඇති අතර ඉතිරි රොබෝ යන්ත්‍ර ෂැන්ග්හායි සමාගම විසින් නිපදවනු ලැබ ඇත.

ෂැන්ග්හායි සමාගම ප්‍රකාශ කර ඇත්තේ එර්බායිට කෙසේ හෝ සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවත් එර්බායි සිය සමාගමේ රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවත්ය.

මෙම සිදුවීම පසුගිය 20 වැනිදා ප්‍රසිද්ධ කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමේ සී.සී.ටීවී දර්ශනවලට විශාල ප්‍රසිද්ධියක් හිමිව ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය රොබෝ කැරැල්ලක් ලෙසද හඳුන්වා දී තිබිණි

ReeCha