මැයි 02 දා මොනවා වෙයිද? මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය ගැන හෙළිදරව්වක්!

Horoscope Astrology Sinhala news
By Shehan Apr 30, 2025 06:30 PM GMT
Shehan

Shehan

Report

2025 වසරේ 9 වැනි ග්‍රහ යුද්ධය මෙන්ම මැයි මාසයේ එකම ග්‍රහ යුද්ධය ලෙස මැයි 2 වැනිදා රාත්‍රී 10:38ට සිකුරු සහ නැප්චූන් ග්‍රහයන් යුද වදිනු ඇත.

මෙම යුද්ධයේදී නැප්චූන් පරාජයට පත්ව සිකුරු ජයග්‍රහණය කරනු ඇත. ඒ අනුව, මැයි 2ට පෙර හා පසු ආසන්න දිනවල ප්‍රසිද්ධ කාන්තාවන් හෝ කලාකරුවන් පිළිබඳ විශේෂ ආරංචි හටගැනීමට ඉඩ ඇත.

එසේම, මෙම ග්‍රහ යුද්ධය අනුව, මැයි 2 ආසන්න දිනවල කලාකරුවෙකුට හෝ කලා නිර්මාණයකට ජාත්‍යන්තර සම්මානයක් හිමිවීමේ හැකියාවද පවතී.

විදුලි ගාස්තුව යළි ඉස්සෙන ලකුණු - ඇමති කියන අලුත්ම කතා

විදුලි ගාස්තුව යළි ඉස්සෙන ලකුණු - ඇමති කියන අලුත්ම කතා

නැප්චූන් ග්‍රහයාගේ සම්බන්ධය හේතුවෙන්, මැයි 2 ආසන්න දිනවල මුහුද රළුවීම, සුළි කුණාටු හෝ ප්‍රබල භූකම්පන ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින්, ධීවරයන් ඇතුළු මුහුදු ආශ්‍රිත රැකියාවල නිරත වන්නන් ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.

ඒ සමගම, මුහුදේ කාලගුණික බලපෑම ගොඩබිමටද බලපාන බැවින්, එම කාලයේ ගොඩබිමේ කාලගුණයද අනපේක්ෂිත ලෙස විපරිත විය හැක.

සිකුරු-නැප්චූන් යුද්ධය හේතුවෙන්, මැයි 2ට පෙර හා පසු දිනවල රිය අනතුරු ඇතුළු හදිසි අනතුරුවල වැඩිවීමක් දැකිය හැකි බැවින්, ගමන් බිමන් ඇතුළු සියලු කටයුතුවලදී වඩාත් පරිස්සමින් කටයුතු කිරීම ඥානවන්තය. එමෙන්ම, දේපළ, කෘෂිකර්මාන්තය හා ආගමික ක්ෂේත්‍රවල අසුබ ආරංචිවලටද ඉඩ ඇත.

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

ඉදිරි ග්‍රහ මාරු පිළිබඳ සලකා බැලීමේදී, මැයි 14 වැනිදා රාත්‍රී 10:36ට ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසීම තීරණාත්මක වේ. ඔහු ඔක්තෝබර් 18 රාත්‍රී 7:49ට කටක රාශියට ගොස්, දෙසැම්බර් 5 වැනිදා නැවත මිථුනයට පැමිණෙනු ඇත.

මෙම ග්‍රහ චලිතය අනුව, වැඩිහිටි ලග්න හිමියන්ට මෙම කාලය තුළ 2013 මැයි 31 සිට 2014 ජුනි 20 දක්වා සහ 2001 ජුනි 16 සිට 2002 ජුලි 7 දක්වා සිදුවූ සිදුවීම්වලට සමාන්තර අත්දැකීම් ලැබිය හැක.

එබැවින්, එම කාලවල සිදුවීම් අධ්‍යයනයෙන් 2025 මැයි 14 සිට ඔක්තෝබර් 18 දක්වා පෞද්ගලික සිදුවීම් පිළිබඳ පූර්ව ඇගයීමක් කළ හැක. එසේම, 2025 මැයි 18 රාත්‍රී 7:33ට රාහු ග්‍රහයා කුම්භ රාශියටත්, කේතු ග්‍රහයා සිංහ රාශියටත් පිවිසීමද තීරණාත්මක වනු ඇත.

ඊශ්‍රායලයට මොකද්ද වුනේ? - හදිස්සියේ හටගත් දැවැන්ත ගින්න

ඊශ්‍රායලයට මොකද්ද වුනේ? - හදිස්සියේ හටගත් දැවැන්ත ගින්න

ReeCha