ඊශ්‍රායලයට මොකද්ද වුනේ? - හදිස්සියේ හටගත් දැවැන්ත ගින්න
ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නව පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ පඳුරු සහිත කැලෑවක අද (30) පස්වරුවේ හදිසි ගිනිගැනීමක් සිදුව ඇත.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ සිටින ජනතාව වහාම ඉවත් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම ගින්න ටෙල් අවිව්-ජෙරුසලම අධිවේගී මාර්ගයට ආසන්නව ඇති වී ඇති බැවින්, එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කර තිබේ.
ටෙල් අවිව් අගනුවරට බටහිරින් පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ ඇති වූ ගින්න හේතුවෙන්, එහි පදිංචිකරුවන් මෙම සතිය තුළ දෙවන වරටත් ඉවත් කිරීමට සිදුව ඇත.
එෂ්තාඕල් කඳුකරයේ අවම වශයෙන් ස්ථාන පහකින් ගින්න හටගෙන ඇති බව ඊශ්‍රායල ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවය වාර්තා කර ඇත.
ගින්න ඇති වන අවස්ථාවේ තද සුළං හමා ඇති බැවින්, ගින්න පාලනය කිරීම අතිශයින් අසීරු වී ඇත.
මේ වන විට ප්‍රදේශයේ කඳුකර ගණනාවකින් කඳු නගින්නන් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරයි. කෙසේ වුවත්, මේ දක්වා මරණ හෝ තුවාල සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.
