ටියුෂන් කරන පාසල් ගුරුවරුන්ට රතු එලියක්..වැඩ තහනම් කරමින් පළමු වෙඩිමුරය තැබූ හැටි මෙන්න..

Report

පාසලේ සේවයට වාර්තා කිරීමෙන් පසුව අමතර පංතියක මුදලට ඉගැන්වූ බව කියන ගුරුවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මේ බව අනාවරණය වීමෙන් එම ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අනුරාධපුර ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුන්ට සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකු බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන විශේෂ ප්‍රකාශයක්..ජනපතිවරණය කල් යයි?..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන විශේෂ ප්‍රකාශයක්..ජනපතිවරණය කල් යයි?..


සැකකාර ගුරුවරයා පාසල පවත්වන කාලයේදී පිටතට ගොස් උපකාරක පංතිවල උගන්වනවායැයි දෙමාපියන් පිරිසක් විසින් අදාල පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙතයි.

මේ අනුව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග අදාල පාසලේ නිරික්ෂණයක නිරතව ඇත.

එහිදී සැකකාර ගුරුවරයා පැමිණිමේ ලේඛනයේ අත්සන් තබා පාසලෙන් පිටතට ගොස් තිබූ බවයි පැවසෙන්නේ.

ඔහු ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක උගන්වමින් සිටි බවයි.

ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මේ අනුවයි ඊයේ (17)දින සැකකාර ගුරුවරයාගේ වැඩ තහනමට ලක්කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.