රට පුරා ණය ගත් පිරිසකට රතු එළියක්..අධිකරණය විශේෂ නියෝගයක් දෙයි..

Report

ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ දෙකට වඩා අඩු ණය මුදල් ඔන්ලයින් ක්‍රම ඔස්සේ ලබාගෙන එම මුදල් හිතාමතා ගෙවීම පැහැර හරින ලද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, අවිස්සාවේල්ල, බෙලිඅත්ත, මාවනැල්ල, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල පුද්ගලයන් රැසකට ලබන සැප්තැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ විසින් ඊයේ (16) නොතිසි නිකුත් කර තිබෙනවා.

මේෂ,මිථුන,කටක සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පණාකාරීව වැඩ කරන්න..

මේෂ,මිථුන,කටක සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පණාකාරීව වැඩ කරන්න..


කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් සහ වෙබ් අඩවි මගින් ණය මුදල් ලබාගෙන ඒවා නැවත නොගෙවා පැහැර හරින ලදැයි චෝදනා කරමින් කොළඹ 7 පිහිටි ඔන් ක්‍රෙඩිට් ඔන්ලයින් (On Credit Online) සමාගම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව පවරා තිබූ නඩු ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව කොළඹ 7 පිහිටි සීමාසහිත ඔන්ක්‍රෙඩිට් පුද්ගලික සමාගම නීතිඥ ඩිල්ෂාන් වීරසේකර විසින් අදාළ නඩු පවරා තිබුණා.

පැමිණිලිකාර සමාගම 2021 වසරේ සිට සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවත්, තම සමාගමේ ජංගම දුරකථන මෘදුකාංග හරහා විත්තිකාර ණය හිමියන් උඩුගත කළ දත්ත සසඳා ඒ අනුව ණය ලබාදීම සිදුකරන බවත් අදාල පැමිණිල්ලේ නීතිඥ වීරසේකර දන්වා ඇත.

ශ්‍රී ලාංකිකයින් සිටි නෞකාවක් මුහුදේ ගිලී යයි..සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..

ශ්‍රී ලාංකිකයින් සිටි නෞකාවක් මුහුදේ ගිලී යයි..සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..


ණය ලබාදීමේදී ණය හිමියාගෙන් කිසිදු සුරැකුමක් ලබා නොගන්නා බවත්, ඔවුන් යොමු කළ බංකු ගිණුම් අංකයට ණය මුදල කෙටි කාලයක් තුළදී බැර කිරිම් සිදුකරන බවත් පැමිණිලි මගින් දන්වා තිබේ.

පැමිණිලිකාර සමාගම විසින් 2022, 2023 සහ 2024 වසරවලදී රුපියල් ලක්ෂ 2 කට වඩා අඩු ණය ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ට එරෙහිව මෙම නඩු පවරා ඇති බවයි පැවසෙන්නේ.