පැතුම් නිස්සංකගෙන් වාර්තාවක්.

Cricket Sri Lanka Cricket Sri Lanka Pathum Nissanka ICC World Cup 2023
By Hashini Oct 27, 2023 08:20 AM GMT
Hashini

Hashini

Report

 2017 වසරට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක ඊයේ (26) සමත් වුණා.

ඒ, ඊයේ (26) ලෝකකුසලාන තරඟාවලියේ එංගලන්තය සමඟ පැවති තරඟයේදී නොදැවී රැස්කරගත් ලකුණු 77ත් සමඟය.

මීට පෙර අවසන් වරට වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ උපුල් තරංගය.

2017 වර්ෂයේදී උපුල් තරංග එම දස්කම දක්වා තිබෙනවා.

එමෙන්ම පැතුම් නිස්සංක 2023 වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට ද පත්ව තිබෙනවා.

ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් එම ලැයිස්තුවේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

මේ අතර පැතුම් නිස්සංක ඊයේ එක්දින ලෝක කුසලානයකදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමටද සමත් වුණා.

පැතුම් මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කරගෙන සිටිනවා.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද අඛණ්ඩව අර්ධ ශතක 4ක් 2015 එක්දින ලෝක කුසලානයේදී රැස්කර තිබෙනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී සෑම කණ්ඩායමක්ම මේ දක්වා තරඟ 5කට සහභාගිවී තිබෙනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසු වන්නේ පස්වන ස්ථානයේය. 

ReeCha