අනේ අපොයි කරන්න ගිය අපරාධයක මහත...

Report

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබියදී භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

එහිදී කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස සහ එය මාස 12ක් ඇතුළත භාවිතා කළ යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබුණ ද ශ්‍රී ලාංකික ආනයනකරු ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල්ඉකුත්වන වර්ෂය සහ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයකින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට සැළසුම් කර තිබූ බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකාව අද සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවකුත් තබයි ..

ශ්‍රී ලංකාව අද සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවකුත් තබයි ..

එම ගබඩාවේම කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195 ක නිෂ්පාදිත වර්ෂය සහ මාසය 2024 ජූලි ලෙස සහ කල්ඉකුත්වන වර්ෂය සහ මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුණ ද ඒ මත නිෂ්පාදිත වර්ෂය සහ මාසය 2024 ඔක්තෝම්බර් සහ කල්ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයකින් වෙනස්කර වෙළෙඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව ද සමරකෝන් මහතා සඳහන් කළේය.

අදාල ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුළ මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

You may like this video