අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS)

Sri Lanka Police Sri Lanka SL Protest Murder
By Piyumika Jun 22, 2024 06:58 AM GMT
Piyumika

Piyumika

Report

යාපනය,ඩෙල්ෆ් පොලිස් ස්ථානය ඉදිරිපස මළ සිරුරක් තබාගෙන ඩෙල්ෆ් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ(21) විරෝධතාවයක නිරත වුණු පුවතක් වාර්තා විය.

අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් හදිසි සෝදිසි කිරීමකදී හමුවූ භයානක දේ..

අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් හදිසි සෝදිසි කිරීමකදී හමුවූ භයානක දේ..

පසුගිය 20 වැනිදා රාත්‍රියේ පුද්ගලයින් කණ්ඩායමක් පහරදී ඝාතනය කළ ඇන්ටන් ජිවරාජ් අමල්රාජ් නමැති 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලීම් කරමින් ප්‍රදේශවාසීන් එලෙස විරෝධතාවයක නිරත වී තිබේ .

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට සම්බන්ධ අනෙක් පිරිස කඩිනමින් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලීම් කරන ලදි. පසුගිය 20 වැනිදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත පුද්ගල කණ්ඩායමක් විසින් යාපනය,ඩෙල්ෆ්,07 වන පටුමඟ පදිංචි 22 හැවිරිදි ඇන්ටන් ජිවරාජ් අමල්රාජ් නමැති තරුණයාට පහරදී ඝාතනය කොට තිබු බව පොලිසිය පැවසීය.

හිතුවෙවත් නැති විදිහේ අපේක්ෂකයෙක් මැතිවරණයට..

හිතුවෙවත් නැති විදිහේ අපේක්ෂකයෙක් මැතිවරණයට..

පොලිසිය පැවසූවේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS) | A Protest With A Dead Body In Front Of The Police