දෙතැනක දී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.. - මාර්ගත් අවහිර වෙයි?. (UPDATE)
UPDATE :-
මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට ද සිසුන් විසින් විරෝධතාවයේ නිරත වේ.
ඒ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහිවයි.
ඒ හේතුවෙන් විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් කොට්ටාව - ගල්කිස්ස 255 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
-------------------------------------------------
පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්.. - එහි නවතම තත්ත්වය මෙන්න..
පොලීසිය විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ දී එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වන්නේ.