ඇමති ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් යෝජනාවක්...

Report

අද (21) පැවති එක්ව ජයගමු ජන රැලියේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.

මෙම යෝජනාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

වේගයෙන් ආසාදනය විය හැකි වෛරසයක් ගාසා තිරයෙන්...

වේගයෙන් ආසාදනය විය හැකි වෛරසයක් ගාසා තිරයෙන්...

එහිදී, වේදිකාවේ රැඳී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 28 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 380 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ ජනතාව ද අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කර තිබුණි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ, ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී පිළිතුරු ලබා දෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය.