ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයේ ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති බවයි.
එම පෝලියෝ වෛරස ප්‍රභේදය VDPV2 ලෙස හඳුනා ගෙන ඇති අතර පසුගිය මාසයේ ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථානවලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බව ද සඳහන් වේ.