විශ්‍රාමික රණවිරු සුබසාධනය වෙනුවෙන් රජයෙන් නව වැඩසටහනක්...

Report

අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බත්තරමුල්ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ “ප්‍රවීණයන්ගේ නිවහන” ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුණා.

එහිදී, සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසා සිටියේ ය.

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 278 කට සමාව...

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 278 කට සමාව...

ඒ වෙනුවෙන්, නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති බවද මෙහිදී එතුමා පෙන්වා දී තිබිණි.

එමෙන්ම, ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවයි.

මෙහිදී, රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

එසේම, ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම සඳහා සන්නද්ධ හමුදා කමිටුව පත්කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

තව,ද Sri Lnka Institute of Strategic of Studies ආයතනය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ය.

කෙසේ වෙතත්ඒ, සන්නද්ධ සේවයේ නිරතවන පිරිසට, විශ්‍රාම ලැබූවන්ට සහ සිවිල් පුරවැසියන්ටද යුධ උපක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසාදීමක් ලෙසයි.