වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 278 කට සමාව...

Report

හෙට (23) දිනයට යෙදෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමෙන බව ය.

ඒ අනුව, විශේෂ කොන්දේසි දෙකක් යටතේ මෙලෙස සිරකරුවන් හට රාජ්‍ය සමාව හිමිවනු ඇත.

වල් ඌරු දඩයමේ ගිය මස් වැද්දා නිදි මරගාතයෙන් ම මරු තුරුලට...

වල් ඌරු දඩයමේ ගිය මස් වැද්දා නිදි මරගාතයෙන් ම මරු තුරුලට...


එහිදී, දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හෙට දිනයේ නිදහස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර ඒ,වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු ද මෙලෙස නිදහස් කෙරෙන සිරකරුවන් අතරට අයත් ය.

එමෙන්ම, නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බි. දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.