බන්ධනාගාර බස් රථයක් අනතුරකට

By Wayomi Mar 14, 2025 05:45 PM GMT
Report

බද්දේගම සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (14) සවස නාගොඩ පොලිස් වසමේ උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් බස් රථයේ රැගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු, බස් රථයේ රියදුරු හා තවත් බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත් නැවත සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු නාගොඩ බද්දේගම හරහා ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

නාමයෝජනා දෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම් - කඩ කළොත් නීතිය තදයි

නාමයෝජනා දෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම් - කඩ කළොත් නීතිය තදයි

පෞද්ගලික අංශයට සුබ ආරංචියක්.... රජයේ ඉඩම් ගැන අලුත් තීන්දුවක්..... (VIDEO)

පෞද්ගලික අංශයට සුබ ආරංචියක්.... රජයේ ඉඩම් ගැන අලුත් තීන්දුවක්..... (VIDEO)