පෙරහැර වීදි සංචාරය කරන විටත් බියර් විකිණූ අලවිසැල් හිමිකරු අත්අඩංගුවට ..

Sri Lanka Police Kandy Sri Lanka Kandy Perahera
By Piyumika Aug 13, 2024 01:18 AM GMT
Piyumika

Piyumika

Report

ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තිබිය දී, පෙරහැර මාර්ගය ආසන්නයේදී වැඩි මිලට 'බියර් කෑන්' අලෙවි කළ වෙළෙඳ සැලක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද නම් ලේසි වෙන් නෑ.. ලොකුවටම වෙන්න යන දෙය මෙන්න..

අද නම් ලේසි වෙන් නෑ.. ලොකුවටම වෙන්න යන දෙය මෙන්න..

පෙරහැර වීදි සංචාරය කරන විටත් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි .

එහිදී 'බියර් කෑන්' 12ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ . රුපියල් 550කට මිල නියම කර තිබූ 'බියර් කෑන්' එකක් මෙම ස්ථානයේ දී රුපියල් 1,000කට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය විය.

ග්‍රීසිය ගිනිදැල් වලින් වටවේ..(VIDEO)

ග්‍රීසිය ගිනිදැල් වලින් වටවේ..(VIDEO)

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30,000ක දඩයක් නියම කරන ලදි.

ඇසළ පෙරහර නිමිත්තෙන් මෙම මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .

ReeCha