කාලාන්තරයක් හිතේ තිබ්බ තරහා මොහොතකින් ඇවිලූනු හැටි..

By Piyumika Feb 16, 2025 07:51 AM GMT
Report

කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන් ඉන්න..

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන් ඉන්න..

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් ප්‍රසන්න නම් 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (15) රාත්‍රියේදී කළුතර කොහොලාන ප්‍රදේශයේදී අත් පාවල කැපුම් තුවාල සහිතව අදාළ පුද්ගලයා වැටී සිටි අතර පසුව ඔහු නාගොඩ ශික්ෂණ රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

විවාහක සැමියාට හොරෙන් සැමරු අවසන් වැලන්ටයින් සැමරුම..

විවාහක සැමියාට හොරෙන් සැමරු අවසන් වැලන්ටයින් සැමරුම..

පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමේදි මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ දකුණ අපරාධ අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

You may like this video