විවාහක සැමියාට හොරෙන් සැමරු අවසන් වැලන්ටයින් සැමරුම..

By Piyumika Feb 16, 2025 07:28 AM GMT
Report

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එම සිදුවීම වාර්තා තිබුණේ පොතුපිටිය, පතිනාවත්ත ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, වැද්දාගල, කලවාන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන් ඉන්න..

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන් ඉන්න..

මෙම අපරාධය සිදු වූ නිවසෙහි තාවකාලිකව පදිංචි වී සිටින කාන්තාව පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත වෙන්වී තනිව ජීවත් වන අතර එම කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇත.

ආදරවන්තයින්ගේ දිනය දා රාත්‍රී කාලයේ අනියම් පුරුෂයා සහ කාන්තාව නිවසේ සිටියදී, මෙම කාන්තාවගේ විවාහක පුරුෂයා නිවසට පැමිණ තිබේ.

එහිදී ඇතිවූ ආරවුලකදී සැමියා විසින් අනියම් පුරුෂයාට පොල්ලකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

ලස්සනම දවසේ මෙහෙම ආරංචියක් ලැබුනම අනේ ඇය කොහොම දරා ගන්න ඇතිද ඒක ....(VIDEO)

ලස්සනම දවසේ මෙහෙම ආරංචියක් ලැබුනම අනේ ඇය කොහොම දරා ගන්න ඇතිද ඒක ....(VIDEO)

එම අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාව බිය වී නිවසින් පළා ගොස් ඇත.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (15) මියගොස් ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may like this video