ජනපති රනිල්ගේ රැළියට ජීව උණ්ඩයක් රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට...

Report

අද (08) පෙරවරුවේ දී මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබෙනවා.

අදාළ පුද්ගලයා සන්දිවේල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ය.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි...

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි...

මෙලෙස අත්අඩංගුවට පත් තැනැත්තා 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජන රැළිය සඳහා රනිල් වික්‍රමසිංහ පැමිණීමට සුළු වේලාවකට පෙර සිදුකළ සෝදිසියක දී සැකකරුගේ පසුම්බිය තුළ තිබී ජීව උණ්ඩය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහු පවසා ඇත්තේ, මීට අවුරුදු තුනකට පෙර මාර්ගයක තිබී සොයාගත් ජීව උණ්ඩය තමා පසුම්බියේ තබාගෙන සිටි බවයි.

නමුත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සන්දිවේල් පොලීසිය මගින් සිදුකරයි.