පොල් උලෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කෙරේ...

By Parami Dissanayake Jul 14, 2024 04:36 PM GMT
Report

රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල් උලකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සැකකරු රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නැමැති පුද්ගලයෙකි.

සැකකරු හෙට (15) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වීසා නැතුව තායිලන්තයට යන්න අවස්තාව...

වීසා නැතුව තායිලන්තයට යන්න අවස්තාව...

රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේන (67) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුව රත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරේදා (12) සවස 5.47 ට මෙම ඝාතනය සිදුව තිබෙන බවත් එය එදින රාත්‍රී 7.00ට පොලීසියට වාර්තා වූ බවත් රත්ගම පොලීසිය පවසයි.

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී...

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී...

මරණකරු රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ අක්කර දෙකක පොල් ඉඩමක හිමිකරුවෙක් වන අතර ඔහු සිය මව සහ මවගේ නැගණිය සමඟ ජීවත්ව සිට ඇති බවත් මරණකරුගේ බිරිඳ හා දරුවා ඩුබායිහි ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

විප්ලවයේ අරුත කියා දුන් ජනපති රනිල්...

විප්ලවයේ අරුත කියා දුන් ජනපති රනිල්...

ඒ අනුව, ඔහුට අයත් පොල් ඉඩමේ පොල් ගෙඩි 10ක් සැකකරු විසින් අහුලා විකුණා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් බහින්බස්වීමක් දක්වා දුරදිග ගොස් පහරදීමකින් මෙම මරණය සිදුව තිබෙන බවත් රත්ගම පොලීසිය වාර්තා කර සිටිනවා.