ඉතුරු සල්ලි ඉල්ලුවායි කියා රියදුරු මගියාට පහර දීලා..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jun 30, 2024 10:08 AM GMT
Piyumika

Piyumika

Report

පානදුර වලාන ප්‍රදේශයේදී පික්මී කුලී මෝටර් රථ රියෙදුරෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ .

පොලීසිය සඳහන් කළේ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති එම පුද්ගලයා මේ වන විට පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)

ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)

ඊයේ (29) රාත්‍රියේ අදාළ කුලී මෝටර් රථයෙන් ප්‍රවාහන සේවාව ලබා ගෙන ගාස්තුව ගෙවීමෙන් පසු ඉතිරි මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී රියදුරු විසින් ඔහුට පහර දී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

රියදුරු ඉතිරි මුදල් ලබා දීමකින් තොරව පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී මගී පුද්ගලයා විසින් ඉතිරි මුදල ඉල්ලා සිටීමත් සමග ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇත. එය දුරදිග යාමෙනුයි රියදුරා විසින් මෙලෙස පහර දී පලා ගොස් තිබෙනුයේ .

ඩොලර් මිලියන ගණනකට වෙන්දේසි වූ ඩයනා කුමරියගේ මතක සටහන්.(PHOTOS)

ඩොලර් මිලියන ගණනකට වෙන්දේසි වූ ඩයනා කුමරියගේ මතක සටහන්.(PHOTOS)

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පික්මී කුලී රථ සේවා සමාගම සඳහන් කළේ අදාළ රියදුරු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කරන බවයි.