මස් ගෙන එන්ට කියා නිවසට ගිය ඔහු නොසිතන්නට ඇත ඔහු මසක් වේවි කියා..

By Piyumika Oct 06, 2024 02:19 AM GMT
Report

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පෙරේදා (04) සවස් කාලයේ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි ඇත.

පසුව මරණකරු විසින් නිවසේ තිබූ මස් රැගෙන ඒමට නැවත ඔයෙන් එගොඩ වීමේදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබේ.

ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

මෘත ශරීරයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි මරණකරු වයස ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගයෙකි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.