සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Aug 13, 2024 03:49 AM GMT
Piyumika

Piyumika

Report

නාල්ල, කීලම්පිටිය ප්‍රදේශයේදී මා ඔය හරහා එගොඩ වීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (12) දහවල් කාලයේ එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නාල්ල, දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

හෙදියකට කල දෙයට වෛද්‍යවරයාට වැඩ වරදී ..හිතාමතා කලෙ නෑ කියා බෙරෙන්නත් හදලා..

හෙදියකට කල දෙයට වෛද්‍යවරයාට වැඩ වරදී ..හිතාමතා කලෙ නෑ කියා බෙරෙන්නත් හදලා..

මරණකරු තවත් පුද්ගලයෙකු සමග මා ඔය හරහා එගොඩ වීමට යාමේදී සැඩ පහරකට අසුවී ගසාගෙන ගොස් මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය .

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ‍නාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha