පොලිසියෙන් දැනුම් දීමක්...

Police spokesman Sri Lanka Police Inspector General of Police Sinhala news
By Akash Mar 30, 2025 01:50 PM GMT
Akash

Akash

Report

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි.

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න

එම සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන බව එම නිවේදනයේ දැක්වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය,

'2025/03/22 වන දින, කොළඹ පිහිටි සුපිරි වෙළද ම්‍යධ්‍යස්ථානයක සේවය කල වයස අවුරුදු 22ක්වූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට අදාළව, යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතියි. මෙලෙස එම සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන අතර එමගින් සමාජය තුල දුර්මත ප්‍රචාරණය වීම වළක්වාලීම ශ්‍රී ලංකා පොලිසිය සතු වගකීමක් වේ. මෙම විෂයගත ස්ටිකර් ඇලවීම සම්බන්ධව ලද තොරතුරක් මත, ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර, එම විමර්ශනයේදී මෙම ක්‍රියාව සිදුකරන ලද තරුණයා සම්බන්ධව හෙළිදරව් වූ තොරතුරු අනුව, ඔහු හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වූ යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වීම සහ විමර්ශනයේදී අනාවරණය සෙසු වැදගත් තොරතුරු වලටද අනුව, යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.

පුටින්ගේ සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් ගිනි ගනී

පුටින්ගේ සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් ගිනි ගනී

මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන කරමින් පවතින අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මොහු අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයකු බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරමින් පවතියි. මෙම සැකකරු සතු පරිගණක දෘඩාංග, තොරතුරු තාක්ෂණික මෘදුකාංග සහ ජංගම දුරකථන ආශ්‍රිතව වෝහාරික විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. ඉදිරි කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ජන කොටස් අතර තම ජාතික හා ආගමික උත්සවයන් පැවැත්වීමට නියමිතව පවතින අතර විශාල වශයෙන් විදෙස් සංචාරකයන් රට තුළ සංචාර සඳහා පැමිණීමට නියමිත කාල වකවානුවක ඉහත අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධව වැරදි මත සමාජ ගත කිරීම තුළින් රටේ සාමයට මෙන්ම ජාතික ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බැවින් දුර්මත ප්රචාරණයට නොරැවටී රටේ සාමය හා විවිධ ජන කොටස් අතර දැනට පවතින සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවටද අවධාරණය කර සිටිමු. මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශණ විනිවිදභාවයෙන් යුක්තව සිදුකර කඩිනිමින් විමර්ශන අවසන් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ' යනුවෙන් එහි දැක්වේ.

පොලිසියෙන් දැනුම් දීමක්... | A Notification From The Police

ReeCha