ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...
By Parami Dissanayake
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවයි.
එමෙන් ම, එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ද බලකර තිබුණි.