විජිත සහ ජයිශංකර් අතර හමුවක්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී ඇත.
මෙම හමුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වී තිබේ.
අමාත්‍ය විජිත හේරත් මහතා තම X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා මෙම හමුව පැවැත්වූ බවයි.
On the sidelines of UNGA in the USA, met with @DrSJaishankar, India’s External Affairs Minister, to reaffirm the strong friendship and close cooperation between Sri Lanka and India. pic.twitter.com/UJB9btbBMZ
— Vijitha Herath (@HMVijithaHerath) September 24, 2025
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්සත් ජනපදයේ සිටී.
ඒ අනුව, අද (24) එරට වේලාවෙන් පස්වරු 3:15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක් ද පැවැත්වී ඇති අතර, එහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
Pleased to meet US Under Secretary of State Allison Hooker for constructive discussions on strengthening bilateral cooperation and shared priorities.#UNGA #UNGA80 #UNGA2025 pic.twitter.com/n3pQCvPM0x
— Vijitha Herath (@HMVijithaHerath) September 24, 2025