ජනපති රනිල් සහ මන්නාරම රදගුරු අතර හමුවක්...

Report

අද (16) ජනපති රනිල් වික්‍රමසිංහ සහ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් අතර හමුවක් මන්නාරම රදගුරු නිල නිවසේ දී සිදු කෙරුණි.

එහි දී ආර්ථික අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුව තිබුණා.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපතිවරයා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී රදගුරු හිමියන් අගය කර තිබූ බවයි.

පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට...

පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට...

එමෙන්ම මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධන කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහි දී අවධානය යොමුවී තිබු අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට සිදුකර අවසන් බවත් සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.