බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

Report

ජනවාරි මාසයේ සිට මේ දක්වා වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26,294 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරනවා.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම නිවේදනයේ දැක්වෙන අතර, එම සංඛ්‍යාව 9,675 කි.

පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට...

පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට...

එසේම මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දේ.