වයසට යන ඉලක්කම අඩු කර තරුණ බව ඇති කරන බෙහෙතක් ලංකාවෙන් සොයා ගනී..මුළු රටටම සුභ ආරංචියක්..

Report

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එය නොබෝ දිනකින් ජනතාව අතට පත්කළ හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා අවධාරණය කර සිටිනවා.

සමරකෝන් මහතා සඳහන් කර සිටින්නේ, මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාඛසාර ආශ්‍රයෙන් බවත්, එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත්, කෙනකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම බවයි.

මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා තමා ඇතුළු කණ්ඩායමට වසර හතරකට වැඩි කාලයක් ගත වූ බවත්, මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ආදිය සිදු කිරීමටද නියමිත බවයි.

ඇඳුම් අදින්නෙ බලාගෙනයි.. දඩය 50000ක්..තවත් දඩ පෝලිමක්..

ඇඳුම් අදින්නෙ බලාගෙනයි.. දඩය 50000ක්..තවත් දඩ පෝලිමක්..


Sponsored By Sarrita Jewellery

වයසට යන ඉලක්කම අඩු කර තරුණ බව ඇති කරන බෙහෙතක් ලංකාවෙන් සොයා ගනී..මුළු රටටම සුභ ආරංචියක්.. | A Medicine That Promotes Youthful Appearance