සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පා ගමනක්

Report

සමරිසි ප්‍රජාවගේ සහ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හැටන් නගරයේ අද (01) දින පා ගමනක් පැවැත් වුණි. 

" මලෙයග අභිමානි පා ගමන " ලෙස නම් කර තිබූ මෙම පා ගමන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණි. හැටන් බස් නැවතුම්පොළ අසලින් ආරම්භ කළ පා ගමන හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත දක්වා පැමිණ ඇත.   

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

පසුව පා ගමනට එක් වූ සමරිසි ප්‍රජාව සහ වතු කම්කරුවන් කිහිප දෙනෙකු එක්ව විවිධ ප්‍රසංගයක්ද හැටන් නගර සභා ශාලාවේ පැවැත් වූ බව වාර්තා වේ.  පා ගමනේ දි සමරිසි ප්‍රජාව විසින් නර්ථයේ යෙදෙමින් පා ගමනට එක් විය.

අනුදිට අගමැතිගෙන් ස්තුතියක්

අනුදිට අගමැතිගෙන් ස්තුතියක්

වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ලබා දීම සදහා මෙම පා ගමන දෙවන වරට (01) දින සංවිධානය කළ බවත්, ඉකුත් වසරේ මෙවැනිම පා ගමනක් නුවරඑළියේ පැවැත් වූ බව පා ගමන සංවිධානය කර තිබූ සංවිධායකයන් කියා සිටියා.