වත්තේ මුර සංචාරයේ යනකොට අහුලා ගත්තදේ නිසා නවතින්න සිද්ධවුණේ හිතුවෙවත් නැති තැනක ..
By Piyumika
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිදි පුද්ලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වතු බලාගන්නෙකු වශයෙන් කටයුතු කරන සැකකරු පොලිසියට පවසා ඇත්තේ ඔහු වත්තේ ඇවිදින විට එම ගිනි අවිය වැටී තිබී හමු වූ බවයි.
සැකකරු අද (19) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ