මව සමග සිටියදීම වතුර බේසමට වැටී මිය ගිය ළදැරිය ..
By Piyumika
මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමට වැටී කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ඊයේ (22) උදෑසන කාලයේදී එම දැරියගේ නිවසයේදී සිදුව ඇති බවය.
දැරිය සිය මව සමඟ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමකට වැටී මාචෝල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව මුලතිව් පොලිසිය කල මුළික විමර්ශනයේදී අනාවරණ වී තිබේ .
මිය ගිය දැරිය වයස මාස 11 ක් වන බවයි පොලිසිය කියා සිටියේ . සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.