හර්ෂ මුදල් ඇමතිට ලිපියක් යොමු කරයි...

Report

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ හෙතෙම ඉල්ලා සිටියේ, ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම සඳහා ඉක්මන් පියවර ගන්නා මෙනි.

රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළේ ...

රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළේ ...

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

අනතුරුව, කාරක සභාව විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සලකා බලන ලදී.

සාරියක් බෙල්ලේ පැටලී සිරවීම නිසා සදහටම දෙනෙත් පියාගත් සයුරංග...

සාරියක් බෙල්ලේ පැටලී සිරවීම නිසා සදහටම දෙනෙත් පියාගත් සයුරංග...

ඉන් අනතුරුව කාරක සභාව එම නියෝගය සහ රෙගුලාසිය අනුමත කළේ ය.

එමෙන්ම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ වන නියෝගය ද අනුමත කළේ ය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිමල් ලාන්සා, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, හර්ෂණ රාජකරුණා, මධුර විතානගේ මහත්වරුද සහභාගි වූහ