88-89 අපරාධ විමර්ශනය කර විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තියක් දෙන්න..

Report

 1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ඔයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෝල් එකක් මැසේජ් එකක් ආවද..වහාම මේ ගැන දැනුවත් වෙලා ඉන්න..

ඔයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෝල් එකක් මැසේජ් එකක් ආවද..වහාම මේ ගැන දැනුවත් වෙලා ඉන්න..

ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති ජනතා විමුක්ති පෙරමුණේ දිවිපිදූවන්ගේ විරු සමරුවට පෙර, ජීවිත අහිමි වූ රෝහණ විජේවීර ඇතුළු පිරිසට උපහාර දක්වමින්, එකල “රාජ්‍ය ත්‍රස්තවාදය” භාවිත කරමින් සිදුකරන ලද පැහැරගැනීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතන පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කරන ලෙසටයි.

අම්බලන්ගොඩ මිනී මැරුමට අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..

අම්බලන්ගොඩ මිනී මැරුමට අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..

කොමිෂන් සභා සහ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය හරහා පසුගිය ආණ්ඩු විවිධ පියවර ගෙන ඇති නමුත්, මෙම අපරාධ සම්බන්ධයෙන් කිසිදු යුක්තියක් ඉටුනොවූ බවද ඔවුන් එම ලිබියෙන් පෙන්වා දී තිබෙනවා