පාර්ලිමේන්තුවට නීති අංශයක්
By Hashini
පාර්ලිමේන්තුව වෙනම නීති අංශයක් පිහිටුවීමට එහි කාර්යමණ්ඩල උපදේශ කාරක සභාවේදී අනුමැතිය ලැබී තිබෙනවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි වී ඇත්තේ.
පාර්ලිමේන්තුවට අදාල නඩු කටයුතුවලදී නීති අංශයක අවශ්‍යතාව එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබුණා.
මෙහිදී පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුවී තිබෙනවා.