මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මහ මග ඇද වැටී මියයයි..
මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමඟ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මහාචාර්යවරයා මෙසේ මියගොස් ඇති බවයි.
වයස අවුරුදු 60ක් වන පන්නිපිටිය ඇරැව්වල, පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, මෙසේ මියගොස් ඇත.
ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නගරයට ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ගොස් යළි නිවසට යාම සඳහා මහරගම පිළියන්දල බස් මාර්ගයට පැමිණ ඇරව්වල දෙසට යමින් සිටියදී එක් වරම ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් යාබද විදුලි කණුවක් අල්ලාගෙන මඳ වේලාවක් සිට පසුව බිම ඇද වැටි ඇති බවයි වාර්තා වන්නේ.