චීනයේ දී අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්...
By Parami Dissanayake
චීනයේ පොදු උද්‍යානයක දී සිදුවූ පිහි ඇනුමකින් අමෙරිකාවේ ගුරුවරුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අයෝවා කෝනෙල් විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් දිවා කාලයේදී ආගමික ස්ථානයක් වෙත යමින් සිටින අවස්ථාවේ නාඳුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් ය.
පිහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.