වැස්ස ටිකක් අඩු වෙන කල් ඉන්න ගෙට ගොඩ වුණු කෙනා නිසා නිවැසියෝ ගෙදරින් දුවයි ..(PHOTOS)
Sri Lanka Police
Vavuniya
Sri Lanka
By Piyumika
වවුනියාවේ පූන්තෝට්ටම් ප්රදේශයේ පිහිටි රජයේ නිවාස සංකීර්ණයේ එක් නිවසකට ඊයේ (02) රාත්රී අඩි අටක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු රිංගා තිබෙනවා.
නිවැසියන් බිය වී කෑ කෝ ගසද්දී අවට පදිංචිකරුවන් පැමිණ බලන විට කිඹුලා ඇදක් යටට සිටිණු දැක ඇති බවයි වාර්තා වෙන්නේ.වහාම මේ පිළිබදව වවුනියාව පොලීසිය දැණුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කිඹුලා අල්ලාගෙන වාහනයකට පටවා ඈත ප්රදේශයක ජලාශයකට රාත්රියේම මුදා හැර තිබෙනවා.
මේ දිනවල වවුනියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා වැවකින් ඉහල දෙසට ගමන් කොට අතරමං වූ විශාල කිඹුලෙකු අවසානයේදී ආරක්ෂාව පිණිස මේ නිවසට රිංගා ගන්නට ඇති බවයි පොලීසිය විශ්වාස කරන්නේ.