දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය උණුසුම්වේ..
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සාමාජිකයන් සහ අඹ අලෙවි කිරීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද උදෑසන උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
එම මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් සහ එලවලු පලතුරු අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් වෙළඳ සංගමය මගින් හඳුන්වා දී තිබූ බවයි සදහන් වන්නේ .
ඒ අනුව, අඹ අලෙවි කිරීම සඳහා පැමිණ සිටි වෙළෙන්දන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යද්දී වෙළෙද සංගම් නියෝජිතයන් අතරින් දැඩි උණුසුම්කාරී තත්වයක් මෙලෙස හට ගැනුණා.