හදිසියේම පාසලක් වහපු හේතුව මෙන්න .. (VIDEO)

By Piyumika Sep 25, 2024 05:19 AM GMT
Report

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සෙකුගේ ප්‍රහාරයක් එල්ල වීමෙන් එය ඇවිස්සී තිබෙනවා.

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

අද (25) පෙරවරු 07ට පමණ මෙම උකුසු ප්‍රහාරය බඹර වදයට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුන් ව දෙමාපියන් විසින් යළිත් සිය නිවෙස් වෙත රැගෙන යනු ලැබුවා.

බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)

බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)

බඹරුන් ඇවිස්සීමෙන් දෙමාපියන් දෙදෙනකුට ද බඹර ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන දැනුම්වත් කිරීමට කටයුතු කළ බව ද විද්‍යාලයීය විදුහල්පතිතුමිය පැවසුවා.