වන්දනාවේ ගිය 21ක් හැවිරිදි තරුණියට සිදුවූ දේ..
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ඊයේ දිනයේ අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවකට පැමිණි පිරිසක් අතුරින් හිදෝගම දිවුල්වැවේ ගිලී තරුණියක් මියගොස් තිබේ. මෙම පිරිස දිවුල් වැවේ නාන තොටුපල අසල දිය නාමින් සිට ඇත
එම අවස්ථාවේ අදාළ තරුණිය දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය. ප්‍රදේශවාසින් විසින් තරුණිය ගොඩට ගෙන නෙළුබෑව රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී තරුණිය මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |