මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක්..
Fuel Price In Sri Lanka
Sri Lanka
By Piyumika
5 months ago

Piyumika
Report
Report this article
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව, රුපියල් 319ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 6කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371ක්.
මේ අතර, රුපියල් 311ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා. රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ. එමෙන්ම රුපියල් 183ක්ව පැවති මිලද එලෙසින්ම පවතිනවා.

