දෙමාපියන්ගේ නොසැලකිලිමත් කම නිසා තවත් මල් කැකුළකට අත් වූ අවාසනාවන්ත ඉරණම..
By Piyumika
වීදි සුනඛයෙකු සපා කෑම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් කිලිනොච්චිය,කණ්ඩවාලෛ ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුගිය 10 වැනි දා දින මෙම දැරිවිය සුනඛයා විසින් සපා කා තිබෙන අතර දැරියට ජල භීතිකා එන්නත හෝ වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට දෙමාපියන් කටයුතු සිදු කර නොමැති බවත් කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසීය .
දැරිය හදිසියේ අසනීප වී ඇති අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අවස්ථාවේ ජීවිතක්ෂයට පත් ව ඇත .
දැරියගේ මරණය බල්ලා සපාකෑමෙන් සිදු ව ඇති බවට රෝහල් බලධාරීන් තහවුරු කර ඇති බවයි වාර්තා වනුයේ .
මෙම බල්ලා සපා කෑ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කොට ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි .