ශ්‍රී ලංකාව බලා එන විශාල නෞකාවක ගින්නක්..ඉදිරිපස කොටසේ පිපුරුම් හඬත් ඇසෙයි.(PHOTOS)
ඉන්දියාවේ ගෝවාහි බෙතුල් ප්‍රදේශයට නාවික සැතපුම් 80ක් පමණ දුරින් වූ මුහුදේදී බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොළඹ වරාය දක්වා පැමිණෙමින් තිබූ මර්ස්ක් ෆ්‍රැන්ක්ෆර්ට් නැමති මෙම වෙළඳ නෞකාවේ පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් මොන්ටිනිග්‍රින්, යුක්රේන සහ පිලිපීන ජාතිකයන් බවයි පැවසෙන්නේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම ගින්නෙන් පිලිපීන ජාතික නාවිකයෙකු මියගොස් ඇති බවයි.
මේ වනවිටත් නෞකාවේ ඇති කන්ටේනර් 160න් 20ක් ගිනිගෙන ඇති අතර, ඉදිරිපස කොටසේ පිපිරුම් හඬ ඇසෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම නෞකාව ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ හෙවත් ෂඵෘඨ භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇති බවට ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.

