දියතලාව ෆොක්ස්හිල් හිල් මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ සිසුවියක් මියයයි...
By Parami Dissanayake
2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය පසුගිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී පැවති අතර, එම තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවියක් ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි. එම දැරියගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර තිබේ.
මෙම 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය හේතුවෙන් සිදු වු අනතුරින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
