පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත් කරල් 230ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ..

Report

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහාධිකරණයේ නියෝගය..

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහාධිකරණයේ නියෝගය..

විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) දින කඩවත පොලිස් වසමේ අංක 338/5/බි, ගෝනහේන, වෑබඩ ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබේ .

හදිසි ප්‍රහාර බියක් නිසා පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට යාම සීමා කෙරේ..(VIDEO )

හදිසි ප්‍රහාර බියක් නිසා පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට යාම සීමා කෙරේ..(VIDEO )

එහි දී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා‍ මත්කරල් 230ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක කාන්තාවක් ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකා නිලධාරින්ට හැකි විය.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියව කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.