අයාලේ යමින් සිටි සුනඛයෙකු කාර්යාලයකට ගොඩ වෙලා.. කරපු ගිනි විජ්ජුම්බරයක්..

Report

අයාලේ යමින් සිටි සුනඛයෙකු උප තැපැල් කාර්යාලයකට කඩා වැදී එහි පැමිණ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුව සපා කා තිබෙනවා.

ඒ ඊයේ (22) දිනයේ දී යාපනය ප්‍රදේශයේ දී ය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.


සුනඛයා මිනිසුන්ව සපා කෑමෙන් පසුවත් එම සුනඛයාව එම ස්ථානයෙන් පලවා හැරීමට තැපැල් කාර්යාලයේ සේවකයින් පියවර නොගැනීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

සුනඛයාගේ සපා කෑම නිසා තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

මේ අතර, මේ වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේ අයාලේ යන සුනඛයින් සපා කෑම නිසා ජලභීතිකාව වැළදුණු රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

රජයෙන් රු.25,000 ක දීමනාව.. අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනව ද?. ජනපති එක්ක ලේසි නෑ..

රජයෙන් රු.25,000 ක දීමනාව.. අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනව ද?. ජනපති එක්ක ලේසි නෑ..


එවැනි අවදානමක් තිබියදී යාපනයේ අයාලේ යන සුනඛයින් දැඩි තර්ජනයක් බව ජනතාව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, යාපනය විශ්ව විද්‍යාලයේ සත්ත්ත්වවේදීන්ගේ සංගමය පසුගිය වසරේදී කළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ යාපනය නගරය තුළ පමණක් අයාලේ යන සුනඛයින් 3,200ත් 3,500ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.