රබර් වත්තක තුවාල සහිතව මිය ගිය පසල් සිසුවියකගේ සිරුරක් හමුවේ ..
By Piyumika
නිවිතිගල පොලිස් වසමේ වටාපොත යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසලින් ඇති අඩි පාරක මුහුණ ප්‍රදේශයේ ලේ තැවරුනු තුවාල සහිතව මියගොස් සිටි වයස අවුරුදු 16ක පාසල් දැරියක් හමුවූ බවට පුවතක් වර්ත වේ.
ඇය වටාපොත යොවුන් ගම්මානයේම පදිංචිකාරිනියකි. ඇයගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළදසැලක් පවත්වාගෙන යනු ලබන අතර, එදින ඇය පාසල් නොයාම හේතුවෙන් නිවසේ සිට ඇතැයි පැවසේ.
පසුව එම වෙළදසැල වෙත පැමිණෙන ලෙසට මව විසින් ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.
වෙළදසැල වෙත පැමිණීමට ප්‍රමාදවීම නිසා මව වෙළදසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරියගේ මෘත ශරීරය හමුවී තිබේ .
දැරිය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.