ඩයනාගේ නඩුවටත් දින නියම කරයි !

Report

හිටපු රාජ්‍ය අමත්‍යා ඩයනා ගමගේ විසින් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.   

අදාළ එම චෝදනාව සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි 23 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ දින නියම කර සිටියා.  මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දී ඊයේ දින විභාගයයට ගෙන තිබෙනවා .

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මීට පෙර අවස්ථාවක දී, මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙත අධිචෝදනා පත්‍ර භාර දුන් අතර, අධිචෝදනා පත්‍රය භාර දීමෙන් පසු, කොළඹ මහාධිකරණය විසින් ඩයනා ගමගේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

චෝදනා තුනක් ඇතුළත් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කෙරුණේ, 2004 ඔක්තෝබර් 09 වන දින සිට 2004 දෙසැම්බර් 01 වන දින දක්වා කාලය තුළ, “ඩයනා ගමගේ” යන නමින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රවටා උප්පැන්න සහතිකයක් ව්‍යාජ ලෙස සකස් කිරීම හෝ අනුබල දීම සම්බන්ධයෙන්.