මැයි 09 අරගලය අනුස්මරණය කරයි?.. ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්..
ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අද (09) අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.
ඒ පසුගිය වසරේ මැයි 09 අරගලය අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් ය.
මෙම වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ, කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |