නිවසක් බිඳ ලක්ෂ 10ක් හොරකම් කල සැකකරුගේ ඇඟිලි සලකුණු කොස්තාපල්වරයාගේ ඇඟිලි සලකුණු වලට ගැලපිලා..

Report

කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත .

බෝරා නිසා ගාලු පාරේ වාහන තදබදය වැඩි වේ - විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උපදෙස්..

බෝරා නිසා ගාලු පාරේ වාහන තදබදය වැඩි වේ - විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උපදෙස්..

ඒ විමර්ශනය සදහා ගත් සැකකරුගේ ඇඟිලි සලකුණු කොස්තාපල්වරයාගේ ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් බව කොස්ගම පොලිසිය පැවසීය .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.

මොකක්ද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන්න යන අලුත්ම දේ..

මොකක්ද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන්න යන අලුත්ම දේ..

ඉකුත් අප්‍රේල් මස 28 වෙනිදින දින රාත්‍රී කාලයේදී සිදුවී තිබූ මෙම සොරකම් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය කරගන්නා ලද කරුණු මත අපරාධ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු සමග සැකකාර බාහිර පුද්ගලයන් කීප දෙනෙකුගේ ඇඟිලි සටහන්ද විමර්ශන කටයුතු සඳහා ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයාගේ ඇගිලි සටහන් සමග සංසන්දනය වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.